Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්දහිමි නාමලේඛන ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනයේ

28 December, 2015

දිවයින පුරා සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලයන්හි අදාල ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයට අයත් ජන්ද හිමි නාමලේඛන කෙටුම්පත ප්‍රදර්ශනයට තබා ඇති බව ප්‍රථම වරට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇති බව මාධ්‍යය වාර්තා පෙන්වාදෙයි.

එම මාධ්‍යය වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ඒ අනුව ඡන්දදායකයන්ට සිය නම් ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත්ව ඇත්දැයි ග්‍රාම නිලධාරී කාර්යාලයන් වෙත ගොස් පරීක්ෂා කල හැකි බවයි.

එමෙන්ම දෙසැම්බර් මස 31 වනදා නව ඡන්දහිමි නාමලේඛනය සහතික කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන බවත් එම වාර්තා සඳහන් කරයි.

ඡන්ද හිමියන් ගණන් ගන්නා ආකෘතිය මගින් ග්‍රාම නිලධාරීන් වෙත තොරතුරු ලබාදී තිබියදී හෝ හිමිකම් ඉල්ලීම් ඉදිරිපත් කර ඡන්දදායකයාගේ ඉල්ලීමට ඉඩදී ඇති බවට දැනුම්දී තිබියදීත් ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත්වී නොමැති නම් හෝ නාමලේඛනයට නම ඇතුළත්වී ඇතත් නම හෝ ජාතික හැඳුනුම්පත් අංකය හෝ සංශෝධනය විය යුතු නම් සංශෝධනය විය යුතු ආකාරය දෙසැම්බර් මස 31 වන දින හෝ ඊට පෙර ඒ ඒ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට දන්වන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව උපුටා දක්වමින් එම මාධ්‍යය වාර්තා සඳහන්කොට ඇත්තේ.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks