Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් අදහස් දැක්වීමට මහජනයාටත් අවස්ථාව

12 January, 2016

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම වෙනුවෙන් ජනතාවගේ අදහස් ලබාගැනීම ලබන 18 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන මතය විමසීම සඳහා පත්කල කමිටුවේ සභාපති අධිනීතීඥ ලාල් විජේනායක මහතා කොළඹදී ඊයේ පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

ව්‍යවස්ථා සම්පාදනයකට පෙර මහජන අදහස් විමසනු ලබන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට වීම විශේෂත්වයකි. දිවයිනේ දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි මෙලෙස මහජන අදහස් ලබාගැනීමට නියමිත අතර ලිපි, දුරකතන, ෆැක්ස්, විද්‍යුත් තැපැල් මාර්ගයෙන් මෙලෙස මහජන අදහස් ලබාගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අදහස් ලබාදීමට සිවිල් සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් ආදී විවිධ පාර්ශවයන්ටද ඉඩ ලබාදී ඇති බවයි ලාල් විජේනායක මහතා එම මාධ්‍යය හමුවේදී පෙන්වාදුන්නේ.

 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks