14 January, 2016
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ජනතාවගේ අදහස් ලබාගැනීම එළඹෙන 18 වන දින පෙ.ව 9.30 ට කොළඹ විසුම්පායේ පිහිටා ඇති විශේෂ කාර්යාලයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.
ඒ අනුව එදින සිට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට එම කාර්යාලය වෙත පැමිණ ලිඛිතව හෝ වාචිකව සිය යෝජනා බාරදිය හැකි බවයි නව ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් විමසීමට පත්කල කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා මාධ්‍යය වෙත පෙන්වාදී ඇත්තේ.
එමෙන්ම ලබන 22 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම කාර්යාලය වෙත ඕනෑම සංවිධානයකට පැමිණ සිය අදහස් හා යෝජනා දැක්විය හැකි බවයි විජේනායක මහතා උපුටා දක්වමින් මාධ්‍යය වාර්තා පෙන්වාදී ඇත්තේ.