Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

2015 පක්ෂවල ගිණුම් වාර්තා 29 ට පෙර කොමිසමෙන් ඉල්ලයි

25 January, 2016

විගණනය කරන ලද සිය ගිණුම් වාර්තා මෙම මස 29 වනදාට ප්‍රථම තමන් වෙත ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම විසින් සියලුම පිළිගත් දේශපාලන පක්ෂ වෙත දැනුම්දී ඇති බව වාර්තාවේ.

ජාතික  පුවත්පත් වාර්තාකොට ඇත්තේ ඒ අනුව 2015 වර්ෂයට අදාලව විගණනය කරන ලද සියලුම ගිණුම් වාර්තා පිළිගත් දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදිය යුතු බවට මැතිවරණ කොමිසම විසින් දේශපාලන පක්ෂවලට දන්වා ඇති බවයි.

එම වසර තුළදී පක්ෂයට ලැබුණු සමස්ත ආදායම හා එම ආදායම ලැබුණු ආකාරයද එම ලේඛනයේ සටහන්විය යුතු බවත් ලැබුණු ආදායම් කුමන කාර්යයන් සදහා වියදම් කලේද යන්න එම ලේඛනයට ඇතුළත්විය යුතු බවටත් මැතිවරණ කොමිසම විසින් වැඩිදුරටත් දක්වා ඇත.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks