Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ව්‍යාපාරය හා තරුණ මන්ත්‍රීවරුන් අතර හමුවක්

27 January, 2016

මාර්තු 12 ව්‍යාපාරය හා තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වින.

පක්ෂ භේදයකින් තොරව තරුණ ජනතා නියෝජිතයන්ට ඒකරාශී විය හැකි වේදිකාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර ඊට  පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගීවිය.

පිරිසිඳු දේශපාලනයක් වෙනුවෙන් තරුණ මන්ත්‍රීවරුන්ගේ දායකත්වය ලබාගැනීම හා ඔවුන් ඒ වෙනුවෙන් දක්වන දායකත්වය මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් විසින් එහිදී පැසසුමට ලක්කල අතර ලබන පෙබරවාරි මාසයේදී කතානායකවරයාගේද සහභාගීත්වයෙන් නැවතවරක් රැස්වීමටද එහිදී අවධානය යොමුවිය.

මේ අතර මාර්තු 12 ව්‍යාපාරයට වසරක් පිරීම සම්බන්ධයෙන්ද පිරිසිඳු දේශපාලනයක් වෙනුවෙන් එම ව්‍යාපාරය විසින් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන්ද එහිදී අවධානයට ලක්විය.
 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks