05 February, 2016
පැෆ්රල් සංවිධානය විසින් ආරම්භකොට ඇති මැතිවරණ සංශෝධන පිළිබඳ යෝජනා ලබාගැනීමේ සංවාද මාලාව මේ වන විට සාර්ථකව දිවයින පුරා දියත් කෙරෙමින් පවතී.
ඒ අනුව පසුගියදා මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමගින් ආරම්භවූ එම සංවාද මාලාව මේ වන විට මාතර, මහනුවර, නුවරඑළිය හා මන්නාරම දිස්ත්‍රික්කවල සාර්ථකව සිදුකර ඇත.
ඉදිරි දිනවලදී කොළඹ, කෑගල්ල, මාතලේ, පොළොන්නරුව, ත්‍රීකුණාමලය, රත්නපුර, දිගාමඩුල්ල, මොණරාගල හා කුරුණෑගල ඇතුළු සමස්ත දිවයිනම ආවරණය වන පරිදි එම සංවාද මාලාව දියත් කිරීමට නියමිතය.