Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ආ. ව්‍යවස්ථාව නිර්මාණය වෙනුවෙන් මහජනතාව අදහස් දැක්වීමට ලබාදී ඇති අවස්ථාවෙන් උපරිම පල නෙලාගත යු

19 February, 2016

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම වෙනුවෙන් ඉතිහාසයේ පළමුවරට මහජනතාවට අදහස් ලබාදීමට සලසා ඇති අවස්ථාවෙන් ජනතාව උපරිම ප්‍රයෝජන ලබාගත යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.

පසුගියදා පොළොන්නරුවේදී මාධ්‍යවේදීන් අමතමින් පැෆ්රල් ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් මහතා පෙන්වාදුන්නේ රට පාලනය කිරීමේ මූලික ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම වෙනුවෙන් මහජනතාවගේ අදහස් ලබාගැනීම ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ලක්ෂණයක් බවයි.

කෙසේ වෙතත් මෙලෙස මහජන අදහස් ලබාදීමට සලසා ඇති කාලසීමාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව සැකසීමේදී පවා වසර දෙකක පමණ කාලයක් ජනතාවට සිය අදහස් ලබාදීමට කටයුතු කර ඇති බවත් එහිදී සුජීව ගයනාත් මහතා පෙන්වාදුන් අතර වැඩිදුරටත් ඔහු සදහන්කොට සිටියේ රට පාලනය කිරීමේ මූලික ලියවිල්ල නිර්මාණය කිරීම වෙනුවෙන් සිදුකරගෙන යනු ලබන මෙම අදහස් ලබාගැනීම කෙටි කාලයක් තුළදී සිදුකල යුත්තක් නොවන බවයි.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks