Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අදහස් ලබාදීමට කොළඹ ජනතාවට තවත් අවස්ථාවක්

02 March, 2016

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව මගින් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අදහස් විමසීම වෙනුවෙන් වන විශේෂ සැසිවාරයක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

එළඹෙන 3,4 සහ 5 යන තෙදින කොළඹ 02 ස්ටේපල් වීදියේ විසුම්පායේ පිහිටි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු ලේකම් කාර්යාලයේදී පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා මෙම සැසිවාරය පැවැත්වීමට නියමිත බවයි ජාතික පුවත්පත් වාර්තා පෙන්වාදෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ  මහජන අදහස් ලබාදීමට කැමති ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට මෙම කමිටුව හමුවේ සිය යෝජනා ලබාදීමට හැකියාව සලසා ඇති බවට එම කමිටුව දන්වා ඇති අතර  වාචික අදහස් හෝ යෝජනා ඉදිරිපත් කිරීමේදී ලිඛිත සාරාංශයක්ද සමග පැමිණෙන ලෙස කමිටුව වැඩිදුරටත් දන්වා ඇත.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks