Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ව්‍යාපාරයට වසරයි - ඉදිරි සැලසුම් එළිදැක්වීම 12 වනදා

08 March, 2016

මාර්තු 12 ව්‍යාපාරය විසින් පසුගිය වසරේ ජනගත කල නිර්ණායක 8 න් බැහැරව යමින් දේශපාලන පක්ෂ විසින් නම්කල අපේක්ෂකයින් බොහෝමයක් පරාජයට පත්කිරීමට ජනතාව කටයුතු කල බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

එහි මෙහෙයුම් කමිටු සාමාජික පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසූයේ කොළඹ පදනම් ආයතනයේදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමිනි.

හෙට්ටිආරච්චි මහතා එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනතාවට සේවය සැලසිය යුත්තේ කෙසේද යන්න සහ මන්ත්‍රීවරයෙකු ලෙස ඉටුකල යුතු අනිවාර්ය කරුණු ඇතුළත් කෙටුම්පත වෙනුවෙන් මෙම මස 12 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගන්නා බවයි.

මාර්තු 12 ව්‍යාපාරයට වසරක් පිරෙන එළඹෙන මාර්තු 12 වනදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලාවේදී මෙම කෙටුම්පත එළිදක්වන බවත් එදින මාර්තු 12 ව්‍යාපාරයේ වෙබ් අඩවියද එළිදැක්වීමට කටයුතු යොදා ඇති බවත් මාර්තු 12 ව්‍යාපාරයේ ඉදිරි සැලසුම්ද මෙම උත්සයේදී එළිදැක්වීමට කටයුතු කරන බවත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks