Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ව්‍යාපාරයේ නිල වෙබ් අඩවිය එළිදැක්වෙයි

14 March, 2016

පිරිසිඳු දේශපාලන සංස්කෘතියක් පිළිබඳව සියලු ව්‍යවස්ථාපිත ආයතන ශක්තිමත්කොට  අනාගත පාලකයින්ට යහපත් දේශපාලන පසුබිමක තම පාලන කටයුතු කරගෙන යාමට අවස්ථාව සලසාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසූයේ පසුගිය මාර්තු 12 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලාවේදී පැවති මාර්තු 12 ව්‍යාපාරයේ ප්‍රථම සංවත්සර උත්සවයට එක්වෙමිනි.

ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් සඳහන්කොට සිටියේ දේශපාලන පක්ෂයක ප්‍රධාන ආදර්ශ ලබාදිය යුත්තේ එහි නායකත්වය විසින් බවයි. එමෙන්ම නායකයා හොරෙක්, දූෂිතයෙක් හෝ වංචාකරුවෙක් වුවහොත් එම වැරදි ආදර්ශ පහළ සාමාජිකයින්ට ලැබෙන බවත් එතුමා පෙන්වාදුන්නේය.

මෙම උත්සවයේදී මාර්තු 12 ව්‍යාපාරයේ නිල වෙබ් අඩවිය වන www.cleanpolitics.lk වෙබ් අඩවියද ජනාධිපතිතුමන් විසින් එළිදැක්වූ අතර පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් සුපිරිසිඳු දේශපාලනඥයින් සංකේතවත් කරන ලාංඡනයද ජනාධිපතිතුමා වෙත පැළඳවීය.

එහිදී සිදුවූ සුවිශේෂීම සිදුවීම වූයේ පිරිසිඳු දේශපාලනයක් සඳහා එකඟතාව පලකරමින් පාර්මේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සම්මුතියකට අත්සන් තැබීමයි. ඒ සඳහා අමාත්‍ය චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, මහාචාර්ය ආශුබෝධ මාරසිංහ, මයිල්වාගනම් තිලකරාජා, තාරක බාලසූරිය, හේෂාන් විතානගේ, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, සිසිර ජයකොඩි, රෝහිණි කුමාරි විජේරත්න, අජිත් මාන්නප්පෙරුම, මයන්ත දිසනායක, ඉම්රාන් මහරූෆ්, ආනන්ද කුමාරසිරි, හර්ෂණ රාජකරුණා, වෛද්‍ය කාවින්ද ජයවර්ධ මහත්වරු එක්ව සිටියහ.

මෙම උත්සව සභාව සඳහා කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන්ද, අමාත්‍ය චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක්ද, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්  එක්ව සිටියහ.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks