Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණය පැවැත්වීම කඩිනම් කිරීමට රජයට බලකරන්න - මහජන එක්සත් පෙරමුණ පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලයි

30 March, 2016

පළාත්  පාලන මැතිවරණය කල්දැමීම දිගින් දිගටම සිදුනොකොට කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමට රජයට බලකරන ලෙස මහජන එක්සත් පෙරමුණ පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලා සිටියි.

මහජන එක්සත් පෙරමුණු නායක පා.ම දිනේෂ් ගුණවර්ධන මහතා හා පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අතර අද (30) පැෆ්රල් සංවිධානයේදී පැවති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ රජය නීති විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමමින් සිටින බවයි. එමෙන්ම පළාත් පාලන ආයතන මෙලෙස දිගින් දිගටම අක්‍රීයව පැවතීම තුළ ප්‍රාදේශීය මට්ටමේ විවිධ සංවර්ධන කටයුතු මෙන්ම සාමාන්‍ය ජනජීවිතයේ අත්‍යවශ්‍යතා රාශියක් ඉටුකිරීම ඇණහිට ඇති බවයි.

මෙහිදී පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ මැතිවරණය දිගින් දිගටම කල්දැමීම  පැෆ්රල් සංවිධානය අනුමත නොකරන බවයි. එහෙත් සීමානිර්ණයේ ගැටලු ඇති බවට පැෆ්රල් සංවිධානය පිළිගන්නා බවද එහෙත් සීමානිර්ණ ගැටලු විසඳී ඇති පළාත් පාලන ආයතනවල මැතිවරණ පැවැත්වීමට හැකියාව තිබෙන බවද හෙට්ටිආරච්චි මහතා එම සාකච්ඡාවේදී පෙන්වාදුන්නේය.

කෙසේ වෙතත් පසුගිය රජය විසින් සීමානිර්ණය වෙනුවෙන් පත්කල කමිටුවේ ඇති අඩුපාඩු හුවා දක්වමින් මෙතෙක් සීමානිර්ණ කටයුතු අවසන් කිරීමට නොහැකි ඇති බව ඇතැමුන් පැවසීම අනුමත කල නොහැකි බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේය.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks