Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය වසර 47 කට පසු රැස්වෙයි

06 April, 2016

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා වූ ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය වසර 47 කට පසු  ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී රැස්විය. එහිදී එම මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සභාපති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත්කර ගන්නා ලදී.

ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයේ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස තිලංග සුමතිපාල, සෙල්වම් අඩෙක්‌කලනාදන්, කබීර් හෂීම්, තිලක්‌ මාරපන, මහින්ද යාපා අබේවර්ධන, වෛද්‍ය නලින්ද ජයතිස්‌ස යන මහත්වරුන් සහ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මන්ත්‍රීවරුන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යෝජනා කල අතර එය ස්ථිර කරනු ලැබුවේ පා.ම එම්.ඒ සුමන්තිරන් මහතා විසිනි.  කථානායක  කරු ජයසූරිය මහතා නිලබලයෙන් සභාපති ධුරයට පත්විය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් ලෙස ලක්‍ෂ්මන් කිරිඇල්ල, නිමල් සිරිපාල ද සිල්වා, රාවුෆ් හකීම්, විජයදාස රාජපක්‍ෂ, රිෂාඩ් බදියුදීන්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, මලික්‌ සමරවික්‍රම, ආර්. සම්පන්දන්, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා, දිනේෂ් ගුණවර්ධන, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, එම්. ඒ. සුමන්තිරන්, වෛද්‍ය තුසිතා විඡේමාන්න, බිමල් රත්නායක, ප්‍රසන්න රණතුංග, ඩග්ලස්‌ දේවානන්ද යන මහත්ම මහත්මීහු තේරී පත්වූහ.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks