Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ව්‍යාපාරයෙන් යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුලුවක්

13 June, 2016

මාර්තු 12 ව්‍යාපාරය, ජාතික තරුණ සේවා සභාව හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය එක්ව සංවිධානය කරන ලද යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බලගැන්වීමේ වැඩමුළු මාලාවක් පසුගිය දින කිහිපයේදී ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වින.

පසුගිය ජූනි 04, 09, 10 හා 11 යන දිනවලදී පැවැත්වුණු එම වැඩමුලු වෙනුවෙන් සහභාගීවූ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ සඳහා මහත් උනන්දුවකින් සහභාගිවූ අතර ඔවුන්ට නායකත්ව වර්ධනය කරගැනීමට අදාලව දේශන හා ප්‍රායෝගික අභ්‍යාසයන් කිහිපයකම නිරතවීමට එහිදී හැකිවිය.

ස්වාධීන් කොමිෂන් සභාවන්හි කාර්යභාරය, තොරතුරු දැනගැනීමේ පනත, අල්ලස හා දූෂණය පිටුදැකීමෙහිලා යෞවනයන්ගේ කාර්යභාරය, නායකත්ව පුහුණුව සම්බන්ධයෙන් එහිදී සහභාගීවූ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දීර්ඝ වශයෙන් දැනුවත් කල අතර සහභාගීවූ එම මන්ත්‍රීවරුන් පැවසූයේ දේශපාලන ක්ෂේත්‍රයේ සාධනීය වෙනසක් ඇතිකරලීමෙහිලා ක්‍රියාත්මකව පවතින මාර්තු 12 ව්‍යාපාරය යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අරභයා මෙවන් පුහුණු වැඩමුළුවක් දියත් කිරීමට ඉතා අගය කරන බවයි.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks