Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ජනතා පරමාධිපත්‍ය සැබෑ ලෙසම ක්‍රියාත්මක කළ හැක්කේ ජන්ද බලය හරහා පමණයි - මැතිවරණ කොමිසම

21 June, 2016

ආපදාවට ලක්වු ප්‍රදේශවල හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම අද වනවිට 2016 ජන්ද හිමි නාම ලේඛණ  ප්‍රතිශෝධනයට අදාල ලේඛන බෙදා හැර අවසන් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

සභාපතිවරයා මේ බව පැවසූයේ ඊයේ පැවති මාධ්‍යය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශප්‍රිය මහතා එහිදී පෙන්වාදුන්නේ ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනයට අදාල ලේඛන මෙතෙක් ලැබී නොමැති නම් වහාම සිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසන ලෙසයි.

ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනය, ගණන් ගැනීම හා මැතිවරණ කොමිෂන් සභාවේ ඉදිරි උපායමාර්ගිය සැලැස්ම සම්බන්ධව කැඳවා තිබූ මෙම මාධ්‍යය හමුවේදී මහින්ද දේශප්‍රිය මහතා තවදුරටත් පෙන්වාදුන්නේ ඡන්දහිමි නාමලේඛන ප්‍රති‍ශෝධනයට අදාල ලේඛන මේ වන විටත් ලැබී ඇත්නම් ඒවා සම්පූර්ණ කර ජූලි මස 05 වන දිනට පෙර සිය ප්‍රදේශයේ ග්‍රාමනිලධාරීවරයා වෙත බාරදෙන ලෙසයි.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනතාව සතු ජනතා පරමාධිපත්‍ය සැබෑ ලෙසම ක්‍රියාත්මක කළ හැක්කේ ජන්ද බලය හරහා බවත් එය කළ හැති වන්නේ ජන්ද හිමි නාම ලේඛණයේ නම ඇතුළත්ව තිබුනොත් පමණක් බවත් මහින්ද දේශප්‍රිය මහතා එහිදී පෙන්වාදුන්නේය. 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks