29 June, 2016
ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාල ආකෘති පත්‍ර (BC Form) මෙතෙක් තමන් වෙත ලැබී නොමැති නම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවී වහාම සිය ආකෘති පත්‍ර ලබාගන්නා ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහාවූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ එම ආකෘතිපත්‍ර ලැබී ඇති ඡන්දදායකයින් සිය ආකෘතිපත්‍ර නිවැරදිව සම්පූර්ණකොට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට ලබාදෙන ලෙසයි.
එමෙන්ම කුලී නිවාසයන්හි හා තාවකාලික නිවාසයන්හි පදිංචිව සිටින පිරිස්වලටද එම අවස්ථාව හිමිව ඇති බවත් කුලී නිවැසියන් එම ආකෘති පත්‍ර සම්පූර්ණ කිරීම තුළින් නිවෙස් හිමියන්ට කිසිදු අවාසියක් සිදුනොවන බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙයි.
රෝහණ හෙට්ටිආරච්චි මහතා තවදුරටත් පෙන්වාදෙන්නේ අදාල ආකෘතිපත්‍ර නැවත ග්‍රාම නිලධාරීවරයා වෙත බාරදීමේදී ලබාදෙන රිසිට්පත අනිවාර්යයෙන්ම ලබාගැනීම තුළින් ඡන්දදායකයින්ට ඇතිවවන ගැටලු අවම වන බවයි.