Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව පැෆ්රල් අධිකරණය හමුවට

05 July, 2016

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට පැෆ්රල් සංවිධානය පියවර ගෙන ඇත.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ මෙලෙස නීතිමය පියවර ගැනීමේදී ප්‍රධාන කරුණු 3 ක් සම්බන්ධයෙන් අවධානය යොමුකරන බවයි.

රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ඒ අනුව දැනට සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනයන්හි සභික ප්‍රමාණය හා කොට්ඨාශ ප්‍රමාණය ගැසට්කොට සීමානිර්ණ ගැටලු විසදා අවසන් කරන දිනය සම්බන්ධයෙන් නිශ්චිතව අධිකරණය ඉදිරියේ පළාත් පාලන අමාත්‍යාංශය විසින් දැනුම්දිය යුතුව ඇති බවයි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය පවත්වනු ලබන කාලවකවානුව සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කල යුතු බවටත් පළාත් පාලන ආයතනවල සීමානිර්ණ ගැටලු විසදන අතරම පළාත් පාලන පනතේ පවතින අඩුපාඩුද සකස් කරගත යුතුව ඇති බවයි හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙයි.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks