07 July, 2016
මාර්තු 12 ව්‍යාපාරය හා එක්ව පිහිටුවාගත් පිරිසිඳු දේශපාලනයක් සදහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවෙහි මන්ත්‍රීවරුන් සමග සම්මුඛ සාකච්ඡා සිදුකිරීමේ වැඩසටහන අද (07) ආරම්භ කෙරින.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම තාරක බාලසූරිය මහතා සමග අද දිනයේ සම්මුඛ සාකච්ඡාව මේ වන විටත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙමින් ඇත.
එම සම්මුඛ සාකච්ඡාවලදී එම අංශ ගණනාවක් සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබාගැනීමට නියමිත අතර එම සම්මුඛ සාකච්ඡා ඉදිරියේදී මාර්තු 12 ව්‍යාපාරයේ නිල වෙබ් අඩවියෙහි http://cleanpolitics.lk/ පලකිරීමට නියමිතය.
මෙම සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම මාර්තු 12 ව්‍යාපාරය වෙනුවෙන් රයිට්ස් නව් කලෙක්ටිව් ෆො ඩිමොක්‍රසි ආයතනය විසින් සිදුකරනු ලබයි.