Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණ කටයුතු භාර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපහාර

22 July, 2016

විශ්‍රාමලත් මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි ගාමිණී නවරත්න මහතාගේ සේවය ඇගයීමේ උත්සවයක් ඊයේ (21) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වින.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හා පා.ම දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවය සදහා එක්ව සිටි අතර විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා මැතිවරණ දෙපාර්තමේන්තුව සමග එක්ව 16 වසරක් කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් පැමිණ සිටි සියලු දෙනාගේ ගෞරවය ඒ මහතාට හිමිවිය.

එහිදී උත්සව සභාව ඇමතූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදුන්නේ මැතිවරණයන් නිදහස් හා සාධාරණ අයුරින් පැවැත්වීමෙහිලා ඉතා තීරණාත්මක කාර්යභාරයක් මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ගාමිණී නවරත්න මහතා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉටුකල බවයි. එමෙන්ම නවරත්න මහතා සෑම විටම මැතිවරණය ආශ්‍රිත අක්‍රමිකතාවයන් සිදුවීම වැලැක්වීමෙහිලා ශූර ලෙස ක්‍රියා කල බවද  දේශප්‍රිය මහතා පෙන්වාදුන්නේය.

මෙම උපහාර උත්සවය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එක්ව සංවිධානයකොට තිබූ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී පෙන්වාදුන්නේ රාජ්‍ය නිලධාරියෙකුට නොඑසේනම් පොලිස් නිලධාරියෙකුට රටේ සිවිල් සංවිධාන විසින් මෙසේ ඇගයීමට ලක්කිරීම සුවිශේෂී සිදුවීමක් බවයි.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks