Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පුංචි ඡන්දයේ ප්‍රමාදයට එරෙහිව පැෆ්රල් අධිකරණයට

28 July, 2016

පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීමට අදාලව නීතිමය පියවර ගැනීමට පැෆ්රල් සංවිධානය ඊයේ (27) පියවර ගත්තේය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඉල්ලා ඇත්තේ දැනට සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනයන්හි සභික ප්‍රමාණය හා කොට්ඨාශ ප්‍රමාණය ගැසට්කොට සීමානිර්ණ ගැටලු විසදා අවසන් කරන දිනය සම්බන්ධයෙන් නිශ්චිතව අධිකරණය ඉදිරියේ පළාත් පාලන අමාත්‍යාංශය විසින් දැනුම්දිය යුතුව ඇති බවයි.

එම පෙත්සමෙන් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අපොහොසත්වීම තුළ රටවැසියන්ගේ ඡන්ද අයිතිය මෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් බවයි.

එමෙන්ම දිවයිනේ පළාත් පාලන ආයතන 335 ක කාලසීමාව අවසන්වී එම ආයතනවලින් වැඩි සංඛ්‍යාව මැතිවරණය 2015 වසරේදී පැවැත්විය යුතුව තිබූ බවත් එහෙත් පළාත් පාලන අමාත්‍යවරයා එම මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් පියවර නොගත් බවත් එම පෙත්සමෙන් වැඩිදුරටත් දක්වා ඇත.

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, මැතිවරණ කොමිස‍මේ සභාපතිවරයා, සීමානිර්ණ කමිටුවේ සභාපතිවරයා හා නීතිපතිවරයා  මෙම පෙත්සම මගින් වග උත්තරකරුවන් වශයෙන් නම්කොට ඇත. 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks