Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පුංචි ඡන්දයට අදාල පැෆ්රල් පෙත්සම යළි සලකාබැලීම සැප්තැම්බර් 19 දා

12 August, 2016

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට අදාලව පැෆ්රල් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති පෙත්සම අද (12) සලකා බලනු ලැබීය.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ දැනට සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනයන්හි සභික ප්‍රමාණය හා කොට්ඨාශ ප්‍රමාණය ගැසට්කොට සීමානිර්ණ ගැටලු විසදා අවසන් කරන දිනය සම්බන්ධයෙන් නිශ්චිතව අධිකරණය ඉදිරියේ පළාත් පාලන අමාත්‍යාංශය විසින් දැනුම්දිය යුතුව ඇති බවයි.

කෙසේ වෙතත් අද දිනයේදී කරුණු දැක්වූ රජයේ නීතීඥවරයා පවසා සිටියේ මේ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යනය කිරීමට අවශ්‍යව ඇති බවයි.

ඒ අනුව මෙම පෙත්සම යළි සලකා බැලීම ලබන සැප්තැම්බර් මස 19 වනදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේය.

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, මැතිවරණ කොමිස‍මේ සභාපතිවරයා, සීමානිර්ණ කමිටුවේ සභාපතිවරයා හා නීතිපතිවරයා  මෙම පෙත්සම මගින් වග උත්තරකරුවන් වශයෙන් නම්කොට ඇත. 

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks