Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්දයට ආකෘතිපත්‍ර පුරවන්න අගෝස්තු 26 තෙක් කල්දෙයි

19 August, 2016

2016 වසර සඳහා ඡන්ද හිමි නාමලේඛන ආකෘති පත්‍ර සම්පූර්ණ කිරීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා අගෝස්තු මස 26 වන දින තෙක් කාලය ලබාදීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තාවේ.

මැතිවරණ කොමිසම උපුටා දක්වමින් අද දෙරණ වෙබ් අඩවිය වාර්තාකොට ඇත්තේ මේ වසරේ ඡන්ද හිමි නාමලේඛනය සඳහා ගෙයින් ගෙට ගොස් සිදුකළ සංගණන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි.

එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තාකර ඇත්තේ මෙතෙක් ඡන්ද හිමි නාමලේඛන ආකෘති පත්‍ර රැසක් බාරදීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා තවදුරටත්  අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බවයි.

එමෙන්ම ඊට අදාළ ආකෘති පත්‍රය මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට පිවිසීමෙන්  බාගත කරගැනීමට හැකියාව පවතින බවත් එය සම්පූර්ණ කොට ග්‍රාම නිළධාරීවරයාගේ නිර්දේශයද සහිතව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයට හෝ මැතිවරණ කොමිසමේ මහලේකම් කාර්යාලයට බාරදීය යුතු බවත් 
අගෝස්තු මස 26 වන දින දක්වා ඒ සඳහා කල් ලබාදෙන අතර ඉන් අනතුරුව 2016 වසර සඳහා ඡන්ද හිමි නාමලේඛනයට අදාළ ආකෘති පත්‍ර බාරගැනීමක් සිදු නොකරන බව මැතිවරණ කොමිසම කියා සිටින බවත් එම වෙබ් අඩවියේ වැඩිදුරටත් වාර්තාකොට ඇත.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks