29 August, 2016
තරුණ දේශපාලන නායකයින් සවිබලගැන්වීම හා නායකත්ව කුසලතා වර්ධනය කිරීමට අදාල වැඩමුලුවක් හෙට (30) මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පැවැත්වීමට නියමිතය.
යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන කොළඹ, කලුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලද නාගරික තරුණයා කොට්ඨාශයේදී යෞවන සමාජ සම්මේලනයද නියෝජනය කරමින් තරුණ නායකයින් නායිකාවන් මේ සඳහා සහභාගීවීමට නියමිතය.
මෙම වැඩමුලුවේ ආරාධිත දේශකයින් ලෙස ජාතික තරුණ සේවා සභා සභාපති එරන්ද වැලිඅංගේ මහතා හා රයිට්ස් නව් සාමූහිකයේ විධායක අධ්‍යක්ෂ සුදර්ශන ගුණවර්ධන මහතා සහභාගීවීමට නියමිතය.
මෙම වැඩමුලුව කොළඹ 05 ෆයිෆ් පාරේ පිහිටි ජානකී හෝටලයේදී පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතය.