Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

සුඛෝපභෝගී නිවාසවල නිවැසියන්ගෙන් ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයට ලැබෙන සහාය මදි?

17 September, 2016

සුඛෝපභෝගී නිවාසවල සහ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණවල ජීවත් වන ජනතාවගේ තොරතුරු ඡන්ද හිමි නාම ලේඛනයට එක්කර ගැනීම අපහසු වී ඇතැයි මැතිවරණ කොමිසම පවසන බව මාධ්‍යය වාර්තා පෙන්වාදෙයි.

එම මාධ්‍යය වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ඡන්ද හිමි නාම ලේඛන ප‍්‍රතිසංශෝධනය කරන අවස්ථාවල ඔවුන්ගෙන් විශාල සහයෝගයක් නොලැබෙන බවයි. ඊට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ඔවුන් වෙත තොරතුරු ගලා යාමේ දී ඇති වන ගැටළුවයි. මෙම තත්වය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසා ඇත්තේ. එමෙන්ම වීථි ජනතාව ලියාපදිංචි කිරීමේ දී ද ගැටළුවක් පැන නැගී ඇති බවයි මහින්ද දේශප‍්‍රිය මහතා පෙන්වාදී ඇත.

තවද ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීමේ මූලික කටයුතු දැනටමත් අවසන් කර තිබෙන අතර එහි කෙටුම්පත ප‍්‍රදර්ශනය කිරීමටයි පියවර ගෙන ඇත. අදාළ කාල සීමාව තුළ ඡන්ද නාම ලේඛනයට ඇතුළත් නොවු පුද්ගලයින්ගේ නම් ඇතුළත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි මැතිවරණ කොමිසම පෙන්වාදෙන බව එම මාධ්‍යය වාර්තා සදහන්කොට ඇත.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks