03 October, 2016
ඡන්ද හිමි නාමලේඛන ලියාපදිංචි ක්‍රමවේදයේ පවතින අඩුපාඩු නිසා පුරවැසියෙකුට වයස අවුරුදු 18 සම්පූර්ණ වුවත් ඡන්දය ලබා දීමට නොහැකි ලෙස පැවති තත්ත්වයට විසඳුමක් ලෙස පරිපූරක ලැයිස්තුවක් හඳුන්වාදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇතැයි ජාතික පුවත්පතක් වාර්තාකර ඇත.
එම මාධ්‍යය වාර්තාවෙන් පෙන්වාදී ඇත්තේ වර්තමානයේදී පවතින තුළ යම් පුරවැසියෙකුට සිය පළමු ඡන්දය භාවිත කිරීමට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ මොහොතේ සිට අයිතිය හිමිවූවත් පවතින ක්‍රමවේදය තුළ පවතින අඩුපාඩු නිසා ඔවුන්ට ඡන්දය දීමට අවුරුදු 19 පසුවිය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදී ඇති බවයි.
එමෙන්ම ලංකාවේ පැවති මැතිවරණ දෙස නිරීක්ෂණයේදී ඡන්දයක් පැවැතියහොත් එයට ඡන්දය භාවිත කිරීමට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ මොහොතේ සිටින තරුණ පිරිස් බොහෝ උනන්දු වූ බවද සභාපතිවරයා පෙන්වාදී ඇත.
මෙම තත්ත්වය පිළිබඳව රටේ තරුණ කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, යෞවන සමාජ සම්මේලන ලෙසින්ද යෝජනා ඉදිරිපත් කර තිබෙන බවත්, උතුරේ අවතැන් ජනතාවට පරිපූරක ලැයිස්තුවක් සකස් කර ඡන්ද අයිතිය ලබාදෙන ආකාරයට පරිපූරක ලැයිස්තුවක් සකස් කර තරුණ තරුණියන්ට වයස අවුරුදු 18 දීම ඡන්ද අයිතිය ලබාදීම සඳහා යෝජනා වී තිබෙන බවත් ඒ අනුව එය ක්‍රියාත්මක තත්ත්වයට ගැනීම සඳහා ඊට අදාළ සැලසුම් සකස්කර තිබෙන බවත් දේශප්‍රිය මහතා පෙන්වාදී ඇත.
මේ අනුව පෙබරවාරි මාසයේදී එක් පරිපූරක ලැයිස්තුවකුත්, ජුනි මාසයට තවත් ලැයිස්තුවකුත්, නොවැම්බර් මාසයට තවත් ලැයිස්තුවකුත් වශයෙන් පරිපූරක ලයිස්තු මාස හතරෙන් හතරට සකස් කිරීමට අවධානය යොමුවී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.