07 October, 2016
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට අදාලව පැෆ්රල් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති පෙත්සම අද (07) සලකා බලනු ලැබීය.
පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ දැනට සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනයන්හි සභික ප්‍රමාණය හා කොට්ඨාශ ප්‍රමාණය ගැසට්කොට සීමානිර්ණ ගැටලු විසදා අවසන් කරන දිනය සම්බන්ධයෙන් නිශ්චිතව අධිකරණය ඉදිරියේ පළාත් පාලන අමාත්‍යාංශය විසින් දැනුම්දිය යුතුව ඇති බවයි.
අද දිනයේදී මෙම පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේ එය ලබන නොවැම්බර් මස 3 වැනිදා යළි සලකා බැලීමටයි.
පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, සීමානිර්ණ කමිටුවේ සභාපතිවරයා හා නීතිපතිවරයා මෙම පෙත්සම මගින් වග උත්තරකරුවන් වශයෙන් නම්කොට ඇත.