Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ව්‍යාපාරයෙන් තරුණ නායකයින් වෙනුවෙන් නේවාසික කඳවුරක්

09 October, 2016

මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන තරුණ කඳවුරක් හෙට (10) හා අනිද්දා (11) දෙදින බණ්ඩාරගම සර්වෝදය උසස් අධ්‍යාපන ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

එම ව්‍යාපාරය විසින් මේ වන විට දිවයින පුරා ආවරණය වන පරිදි සිදුකරගෙන යනු ලබන තරුණ නායකයින් සවිබලගැන්වීමේ වැඩමුලු මාලාවට සමගාමීව මෙම පුහුණු කඳවුර පැවැත්වීමට නියමිත අතර යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් මෙන්ම යෞවන සමාජ නියෝජනය කරන තරුණ නායක නායිකාවන්ද මේ සඳහා සහභාගීවීමට නියමිතය.

මෙම කඳවුරෙහි ආරාධිත දේශකයින් වශයෙන් පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා හා එස්.එස් මොහාන් යන මහත්වරුන් සහභාගීවීමට නියමිත අතර සර්වෝදය විධායක අධ්‍යක්ෂ චාමින්ද රාජකරුණා, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා හි නීතීඥ ජගත් ලියනාරච්චි හා ජාතික තරුණ සේවා සභාවේ මාධ්‍යය උපේදේශක නීතීඥ ඩිල්ෂාන් පතිරත්න යන මහත්වරුන්ද ආරාධිත දේශකයින් වශයෙන් සහභාගීවීමට නියමිතය.


මෙම කඳවුරට අදාල වැඩිදුර විස්තර යොවුන් පාර්ලිමේන්තුවේ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හා මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික නීලක බාලසූරිය මහතා 0775355603 අංකය ඔස්සේ ඇමතීමෙන් දැනගත හැකිය.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks