Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

කාන්තා නියෝජන කෝටාවට ඔස්ට්‍රේලියාවෙන් සහාය

12 October, 2016

පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සඳහා වූ නව කෝටා ක්‍රමය සඳහා ඔස්ට්‍රේලියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන සහයෝගය දැක්වීමේ වැඩසටහන කාන්තාවන් සහ ගැහැණු දරුවන් පිළිබඳ ඔස්ට්‍රේලියානු තානාපතිනී නටාෂා ස්ටොට් ඩෙස්පෝයා මහත්මිය ඊයේ (11දා) එළිදැක්වීය.


ශ්‍රී ලංකාවේ සෑම මට්ටමක පාහේ දක්නට ලැබෙන අඩු කාන්තා නියෝජනය සම්බන්ධ ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා අලුතින් හඳුන්වාදී ඇති කෝටා ක්‍රමය මනා අවස්ථාවක් වනු ඇති බව එහිදී කියවුණි.

එමෙන්ම, ඉදිරි මාස 12ක පමණ කාලය තුළදී මැතිවරණ කොමිසමේ, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ, කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන යටතේ ඡන්දයෙන් තේරීපත්වන මහජන නියෝජිතයන් අතරට කාන්තාවන් අයත්වීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ ඉලක්ක වැඩසටහනක් ක්‍රියාත්මක වනු ඇති බවද සඳහන් කෙරිණි.

මෙම වැඩසටහන යටතපෙළාත් පාලන මැතිවරණයෙන් පසුව අලුතින් තේරීපත් වන මහජන නියෝජිතවරියන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ දේශපාලන මණ්ඩලයේ වැඩසටහන් සඳහා සහාය දැක්වීම මෙන්ම, කාන්තා අපේක්ෂිකාවන් වෙත මතුවන බාධක ඉවත්කිරීම සඳහා දේශපාලන පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කිරීමද සිදුකෙරෙන බව සඳහන් කෙරිණි. අද 


උපුටාගැනීම අද පුවත්පතෙනි
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks