Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මහජන එක්සත් පෙරමුණ හා මාර්තු 12 ව්‍යාපාරය අතර සාකච්ඡාවක්

17 October, 2016

මාර්තු 12 ව්‍යාපාරය හා මහජන එක්සත් පෙරමුණේ නායක පා.ම දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද (17) පැෆ්රල් කාර්යාලයේදී පැවැත්වින.


ඉදිරි පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් තෝරාගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී මූලික අවධානය යොමුවිය.

එහිදී මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් පෙන්වාදුන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණය ලැයිස්තු ක්‍රමයක් මත පදනම් වන නිසා  ඡන්දදායකයින්ට සිය නියෝජිතයින් තෝරාගැනීමට ඇති අයිතිය සීමාසහිත වන බැවින් ඉතාමත් සුදුසු අපේක්ෂකයින් තෝරාගැනීමේ වගකීම ඇත්තේ දේශපාලන පක්ෂවලටම බවයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට සහභාගීවූ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මහජන එක්සත් පෙරමුණේ නියෝජිතයින් එකඟතාව පලකර සිටි අතර මැතිවරණය දිගින් දිගටම කල්යාම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදි අවධානය යොමුවිය.

මාර්තු 12 ව්‍යාපාරය නියෝජනය කරමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, රයිට්ස් නව් විධායක අධ්‍යක්ෂ සුදර්ශන ගුණවර්ධන, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර, හා ශාන් විජේතුංග ,පැෆ්රල් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඩීන්  මහත්වරුන්  හා පැෆ්රල් ව්‍යාපෘති නිලධාරීනී උපේක්ෂි ප්‍රනාන්දු මෙනෙවිය ඇතුළු පිරිසක් එක්වූහ.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks