25 October, 2016
පැෆ්රල් සංවිධානය මාර්තු 12 ව්‍යාපාරය හා එක්ව සංවිධානය කරගෙන යනු ලබන තරුණ දේශපාලන නායකයින් සවිබලගැන්වීම හා නායකත්ව කුසලතා වර්ධනය කිරීමට අදාල වැඩමුලු මාලාවේ සිව්වැන්න පසුගියදා බදුල්ල හෙරිටේජ් රිසෝර්ට් හීදී පැවැත්වින.
යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය ඌව පළාතේ මන්ත්‍රීවරුන් හා යෞවන සමාජ සම්මේලනයද නියෝජනය කරමින් තරුණ නායකයින් නායිකාවන් මේ සඳහා සහභාගීවූ අතර ඔවුන් මහත් උනන්දුවකින් ඊට සහභාගීවී සිටිනු දක්නට ලැබින.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා මෙම වැඩමුලුවෙහි ආරාධිත දේශකයෙකු ලෙස සහභාගීවී සිටීම කැපීපෙනුනු අතර ඉෂාරා සඳරුවනි පීරිස් හා පැෆ්රල් සංවිධානයේ එස්.එස් මොහාන් යන මහත්වරුන්ද ආරාධිත දේශන සඳහා එක්විය.
පැෆ්රල් / මාර්තු 12 ව්‍යාපෘති නිලධාරිනී උපේක්ෂි ප්‍රනාන්දු මෙනෙවිය, පැෆ්රල් / මාර්තු 12 සහකාර ව්‍යාපෘති නිලධාරි අශාන් ගුණතිලක හා යොවුන් පාර්ලිමේන්තුවේ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මාර්තු 12 මෙහයුම් කමිටු නිලධාරී නීලක බාලසූරිය යන මහත්වරු මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.