31 October, 2016
පැෆ්රල් සංවිධානය විසින් සිදුකරනු ලබන මැතිවරණ ප්‍රතිසංවිධානවලට අදාල සංවාද මාලාවේ තවත් සංවාද කිහිපයක් එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.
ඒ යටතේ වන පළමු වන සංවාදය නොවැම්බර් මස 02 වනදා වැල්ලවාය සර්වෝදය මධ්‍යස්ථානයේදීද දෙවන සංවාදය නොවැම්බර් මස 03 වනදා බදුල්ල සර්වෝදය මධ්‍යස්ථානයේදීද තෙවන සංවාදය නොවැම්බර් මස 06 වනදා නුවරඑළිය සර්වෝදය මධ්‍යස්ථානයේදීද සිව්වන සංවාදය නොවැම්බර් මස 11 වන දින කලුතර සර්වෝදය මධ්‍යස්ථානයේදීද පස්වන සංවාදය නොවැම්බර් මස 15 වන දින පුත්තලම සර්වෝදය මධ්‍යස්ථානයේදීද සයවන සංවාදය නොවැම්බර් මස 16 වන දින කුරුණෑගල මානව හිමිකම් සංවිධාන කාර්යාලයේදීද පැවැත්වීමට නියමිතය.
මෙම සංවාද මාලාව පැෆ්රල් සංවිධානයේ වැඩසටහන් අංශය විසින් සංවිධානය කරනු ලබන අතර පැෆ්රල් ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් මහතා මෙහි මෙහෙයවීම් කටයුතු සිදුකරනු ලබයි.