10 November, 2016
පැෆ්රල් සංවිධානය විසින් සිදුකරගෙන යනු ලබන නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් වන අදහස් ලබාගැනීමේ වැඩසටන් මාලාව යටතේ තවත් වැඩසටහනක් හෙට (11) කලුතර සර්වෝදය මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙම වැඩසටහන් මාලාව සඳහා සහභාගීවන පිරිස් මහත් උනන්දුවකින් ඊට සහභාගී වන අතර පැෆ්රල් සංවිධානය විසින් සිදුකරන එම කාර්යය ඔවුන් මහත් සේ අගය කරති.
ඒ යටතේ,
හෙට (11) දිනයේදී කලුතර දිස්ත්‍රික්කයේ වාද්දුව සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදීද
15 වනදා පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල සර්වෝදය මධ්‍යස්ථානයේදීද
16 වනදා කුරුණෑගල රදගුරු බිෂොප් වික්‍රමසිංහ ශාලාවේදීද
එම වැඩසටහන් පැවැත්වීමට නියමිතය.