Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

කෝප් කමිටුවේ නිර්දේශ පසෙක දැමිය නොහැකියි - කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති

22 November, 2016

මාර්තු 12 ව්‍යාපාරය විසින් කෝප් වාර්තාව සහ රාජ්‍ය මුදල් පිළිබඳ මහජන නියෝජිතයාගේ වගකීම මැයෙන් පසුගියදා මහජන සම්මන්ත්‍රණයක් සහ විවෘත සංවාදයක් පැවැත්වින.

කෝප් කමිටු සභාපති පා.ම සුනිල් හඳුන්නෙත්ති, හිටපු විගණකාධිපති සරත් මායාදුන්න, රාවය පුවත්පතේ කර්තෘ කේ.ඩබ් ජනරංජන යන මහත්වරුන් ඊට කථිකයින් වශයෙන් සහභාගීවූ අතර සංවාදය මෙහෙයවනු ලැබුවේ මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික ප්‍රවීණ මාධ්‍යවේදී ශාන් විජේතුංග මහතා විසිනි.

එහිදී හිටපු විගණකාධිපති සරත් මායාදුන්න මහතා පෙන්වාදුන්නේ ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් වාර්තාව තවත් ලියවිල්ලක් පමණක් නොකර නැවත නැවත විවාදයට ගෙන එහි නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ තත්ත්වයට පත්කළ යුතු බවයි.

එමෙන්ම කෝප් කමිටු සභාපති පා.ම සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වාදුන්නේ  අදාළ වාර්තාව කි‍්‍රයාත්මක නොකර පසෙකට දැමීමට නොහැකි වන පරිදි ශක්තිමත් නිර්දේශ කිහිපයක් එහි ඇතුළත් කර ඇති බවයි. 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks