14 December, 2016
යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන නේවාසික කඳවුරු මාලාවේ දෙමළ මාධ්‍යය නේවාසික කඳවුර අද ත්‍රීකුණාමලය සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදී ආරම්භ විය.
උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා තරුණ නායක නායිකාවන් මීට සහභාගීව සිටිති.
පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් පැෆ්රල් වැඩසටහන් අධ්‍යක්ෂ ශ්‍රීධරන් සභානායගම්, එස්.එස් මොහාන්, අශාන් ගුණතිලක හා නීලක බාලසූරිය යන මහත්වරුන් ඊට සහභාගීව සිටිති.