Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතන මසක් ඇතුළත ගැසට් කරනවා

30 January, 2017

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට අදාලව පැෆ්රල් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති පෙත්සම අද (30) යළිත් සලකා බලනු ලැබීය.

පැෆ්රල් සංවිධානය සිය පෙත්සම මගින් ඉල්ලා තිබුණේ සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනයන්හි සභික ප්‍රමාණය හා කොට්ඨාශ ප්‍රමාණය සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේදී ප්‍රකාශ කිරීමට පළාත් පාලන අමාත්‍යංශය විසින් දැනුම් දිම සිදුකල යුතු බවයි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අපොහොසත්වීම තුළ රටවැසියන්ගේ ඡන්ද අයිතිය මෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් බවද එම පෙත්සම මගින් පෙන්වාදී තිබුණි.

කෙසේ වෙතත් අද දිනයේදී ප්‍රියසාද් ඩෙෆ්, උපාලි අබේරත්න හා අනිල් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලූ අතර එහිදී පළාත් පාලන අමාත්‍යාංශය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පෙන්වාදුන්නේ දැනට සීමානිර්ණ කටයුතු අවසන් කර ගැටලු නොමැති පළාත් පාලන  ආයතනයන් ඉදිරි මාසයක කාලයක් ඇතුළත ගැසට් කිරීමට කටයුතු කරන බවයි.

පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මාධ්‍යය ඇමතූ පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටආරච්චි මහතා පෙන්වාදුන්නේ පළාත් පාලන අමාත්‍යවරයා මීට පෙර අවස්ථා ගණනාවකදී සීමානිර්ණ කටයුතුවලට අදාලව කාල රාමු ඉදිරිපත් කලද ඒවා එකක්වත් නිසි පරිදි ඉටු නොවූ බැවින් අධිකරණය ඉදිරියේ වූ පොරොන්දුව ඉටුකිරීමට බැඳී සිටින බවයි.

මේ අතර පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යය ඇමතූ පැෆ්රල් විධායක අධ්‍යක්ෂවරයා පෙන්වාදුන්නේ පවතික ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ මැතිවරණ කොමිසම හා සභාපතිවරයා පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ගන්නා උත්සාහය අගය කරන බවයි. එමෙන්ම එළඹෙන මාස 4 ක කාලය ඇතුළත පළාත් පාලන මැතිවරණය පවත්වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටආරච්චි මහතා පෙන්වාදුන්නේ.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks