Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ව්‍යාපාරයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පූර්ව සංවිධාන කටයුතු සාර්ථකව

09 February, 2017

මාර්තු 12 ව්‍යාපාරය විසින් එළඹෙන  පළාත් පාලන මැතිවරණයට සමගාමීව සංවිධානය කරනු ලබන ජනතාව දැනුවත්  කිරීමේ වැඩසටහනේ පූර්ව සංවිධාන කටයුතු මේ වන විට සාර්ථකව දියත් කෙරෙමින් ඇත.


ඒ යටතේ දිස්ත්‍රික් මට්ටමින් මේ වන විට රැස්වීම් පැවැත්වෙන අතර ඒ යටතේ අද පැවැත්වෙන පුත්තලම් දිස්ත්‍රික් රැස්වීමට මාර්තු 12 මෙහෙයුම් කමිටුව නියෝජනය කරමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටආරච්චි මහතා හා ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් යන මහත්වරුන් සහභාගීවී සිටිති.

පළාත් පාලන මැතිවරණයේදී මාර්තු 12 ව්‍යාපාරයේ නිර්ණායකවලට අනුකූලව කටයුතු කරන අපේක්ෂකයින්ට නාමයෝජනා ලබාදීමට දේශපාලන පක්ෂවලට බලපෑම් කිරීම හා  පිරිසිඳු ජනතා නියෝජිතයෙක් තෝරාපත්කරගන්නේ කෙසේද යන්න ජනතාව දැනුවත් කිරීම මෙම දීප ව්‍යප්ත දැනුවත් කිරීමේ වැඩසටහනේ අරමුණයි.

එම වැඩසටහන එළඹෙන මාර්තු මස 13 වනදා සිට අප්‍රේල් මස 07 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks