Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

සීමානිර්ණ අභියාචනා කමිටුවේ වාර්තාව 17 ගැසට් කෙරේ?

15 February, 2017

කොට්ඨාශ සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව එළඹෙන සිකුරාදා දිනය වන විට ගැසට් කිරීමට රජයේ මුද්‍රණාලය වෙත බාරදෙන බවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා මාධ්‍යය වෙත පවසා ඇත.

ලේකම්වරයා වැඩිදුරටත් මාධ්‍යය වෙත පෙන්වාදී ඇත්තේ වාර්තාවේ පැවති දෝෂ කිහිපයක් නිසාවෙන් එය ගැසට් කිරීම ප්‍රමාදවූ බවයි.

එමෙන්ම පැවති දෝෂ සියල්ල නිරාකරණය කිරීමෙන් අනතුරුව 17 වනදා එය ගැසට් කිරීමට මුද්‍රණයට බාරදෙන බවයි අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා පවසා ඇත්තේ. 

පළාත් පාලන මැතිවරණයේ ප්‍රමාදය සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය අධිකරණය හමුවේ නඩුවක්ද ගොනුකල අතර පසුගිය 30 වනදා එය විභාගයට ගත් අවස්ථාවේ පළාත් පාලන අමාත්‍යාංශය සහතික වූයේ මසක කාලයක් ඇතුළත දැනට සීමානිර්ණ කටයුතු අවසන් කර ගැටලු නොමැති පළාත් පාලන  ආයතනයන් ගැසට් කිරීමට කටයුතු කරන බවයි.

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks