Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

තැපැල් ඡන්ද දැමීම ඉතා ඉහළ මට්ටමක

14 March, 2014

තැපැල් ඡන්ද දැමීම ඉතා ඉහළ මට්ටමක

බස්නාහිර-දකුණ පළාත් සභා තැපැල් ඡන්ද දැමීමේ ප්‍රමාණය 75%ක තරම් ප්‍රශස්ථ මට්ටමක පැවතුණු බව පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.  තැපැල් ඡන්දය පැවැති ඊයේ දිනයේ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ බවත්, සමස්තයක් ලෙස සාමකාමීව තැපැල් ඡන්දය පැවැති බවත් හෙතෙම සඳහන් කළේය.

අපේක්ෂකයන් තුන්දහස්හත්සිය අනුහතරදෙනෙක් මන්ත්‍රී ආසන එකසිය පනස් නවයක් වෙනුවෙන් තරග කරන මෙම මැතිවරණයේ සුළුසුළු සිද්ධීන් හැරුණු විට ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවුන බව ද ඒ මහතා පැවැසීය.

මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ නිලධාරින්ගේ සහභාගිත්වය ඉතා ඉහළ මට්ටමක පැවැති බව පැවැසු ඒ මහතා එක්සත් ජාතික පක්ෂ ඡන්ද පොළ නියෝජිතයන්ගේ පැමීණීම ඉතා අඩුමට්ටමක පැවැති බවත් අනාවරණය කළේය.

තැපැල් ඡන්ද මධ්‍යස්ථානවල ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම, ජංගම දුරකතන භාවිතය සම්පූර්ණයෙන් තහනම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහාතා අවධාරණය කළේය.

අනවසරයෙන් යම් ඡායාරූපයක් හෝ දර්ශනයක් ලබාගෙන ඇත්නම් එය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ විකාශය කිරීමෙන් වළකින ලෙස කොමසාරිස්වරයා සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලුවේය.

තැපැල් ඡන්දය පැවැත්වෙන ආයතනවල සේවයේ නියුතු කිසිවකුට ඡන්ද නිරික්ෂණය කිරීම හෝ නියෝජිතයෝ ලෙස ක්‍රියාකිරීමට අවසර නොලැබෙන බව ඒ මහතා වැඩිදුරටත් කීය.

 

සමිබන්ධකය මෙතැනින් - www.dinamina.lk/2014/03/14/_art.asp

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks