Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සොයාබැලීමට පැෆ්රල් තීරණය කරයි

09 May, 2017

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  පුරවැසිභාවය සම්බන්ධයෙන් වන තොරතුරු සොයාබැලීමට පැෆ්රල් සංවිධානය තීරණයකොට ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ මහතා පෙන්වාදෙන්නේ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් රටේ උත්තරීතරම ආයතනය නියෝජනය කිරීම සුදුසු නොවන බවයි.

ඒ අනුව තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාගේම පුරවැසිභාවය සම්බන්ධ තොරතුරු සොයාබැලීමට තීරණය කර ඇති බවත් ද්විත්ව පුරවැසිභාවය සහිත මහජන නියෝජිතයින් තම රටේ ජනතාව වෙනුවෙන් සේවය කරනු ඇති බවට විශ්වාසයක් නොමැති බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙයි.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks