Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය සෙවීමට පැෆ්රල් වෙතින් තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක්

17 May, 2017

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ පැෆ්රල් සංවිධානය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් විමසාබැලීමට අයදුම්පත්‍රයක් යොමුකිරීමට පසුගියදා කටයුතු කළේය.


පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත එම අයදුම්පත්‍රය යොමුකරමින් දක්වා ඇත්තේ මහජනයාගේ අභිවෘද්ධිය තකා ප්‍රධාන කරුණු 5 ක් සැලකිල්ලට ගනිමින් සිය අයදුම්පත්‍රය යොමුකරන බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රවරුන් 225 දෙනාගේම ද්විත්ව පුරවැසිභාවයට අදාල තොරතුරු ලබාදෙන ලෙස හෙට්ටිආරච්චි මහතා එම අයදුම්පත්‍රය මගින් ඉල්ලා ඇති අතර පැෆ්රල් සංවිධානය එම තොරතුරු ලබාගැනීමට අදාලව සලකාබලන කරුණු පහතින් දක්වා ඇත.


1.ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වෙනත් රටක පුරවැසියකුද වන ශ්‍රී ලංකා පුරවැසියකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීමට නොහැකිවීම.
2.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියට අදාලව ලැබුනු නඩු තීන්දුව සැමට එක ලෙස ක්‍රියාත්මක විය යුතු වීම.
3.ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ චෝදනා එල්ල වන මහජන නියෝජිතයන්ට තමාගේ නිවැරදිභාවය ඔප්පු කිරීමට ක්‍රමවේදයක් නොමැතිකම.
4.ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට ඕනෑම මොහොතක රට හැර යා හැකි බැවින් ව්‍යවස්ථාදායකය තුල සැබෑ ලෙසම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අභිලාශයන් ඉස්මතු වන ආකාරයට නීතී ප්‍රතිපත්ති සම්පාදනයට දායකවේද යන සාධාරණ සැකය.
5.ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රටවල් දෙක අතර ඇති වන ගැටළුවකදී හෝ වෙනයම් ගිවිසුමකදී ඔහු හෝ ඇය කුමන පාර්ශවයක් වෙනුවෙන් ක්‍රියාකරයිද යන සාධාරණ සැකය.


 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks