Home › PAFFREL Community › News
පීඩාවට පත් දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලසීමාව දිගු කරයි
30 May, 2017
අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු වෙනුවෙන් ලබාදෙන කාලසීමාව දීර්ඝ කිරීම මැතිවරණ කොමිසම පියවර ගෙන ඇති බව වාර්තාවේ.
එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදෙන්නේ එම කාලසීමාව එළඹෙන ජූනි මස 07 වන දින අවසන් කිරීමට නියමිතව තිබුණද එම කාලසීමාව දීර්ඝ කිරීමට තීරණය කල බවයි.
එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමිවීම් ඇතුළු පීඩාවට පත්ව ඇති පුද්ගලයින් වෙනුවෙන් ඡන්ද නාමලේඛන පිරවීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවයි සභාපතිවරයා ඊයේ මහනුවරදී පෙන්වාදී ඇත්තේ.