Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්දය පාවිච්චි කිරීම පුරවැසියන්ගේ අයිතියක් මෙන්ම වගකීමක් - මැතිවරණ කොමිසමේ සභාපති

02 June, 2017

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් සහතිකකර ඇති ජනතාව සතු ජනතා පරමාධිපත්‍ය සැබෑ ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ ඡන්ද බලය හරහා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

සභාපතිවරයා මේ බව පැවසූයේ ඡන්ද හිමියන්ගේ දිනය සැමරීම වෙනුවෙන් අද මීගමුව නගර ශාලාවේදී පැවති උත්සවයකදීය. එහිදී දේශප්‍රිය මහතා පෙන්වාදුන්නේ ඡන්දය භාවිත කිරීම පුරවැසියන්ගේ වගකීමක් මෙන්ම අයිතියක්ද වන බවයි.

එමෙන්ම රටේ නිතිය හදන්නේ , මහජන නියෝජිතයින්  පත්කරන්නේ ජනතාව බවත් රටේ ජනගහනයෙන් සියයට 52 ක් වන කාන්තාවන් බවත් පැවසූ දේශප්‍රිය මහතා පෙන්වාදුන්නේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජිතයන් 120 ක් වත් සිටිය යුතු වුවත් එය 13 ක් වීම සම්බන්ධයෙන් කණගාටුවන බවයි.

එම ප්‍රමාණය වැඩිවිය යුතු බවද සභාපතිවරයා එහිදී පෙන්වාදිය යුතු අතර විශේෂයෙන්ම රූපවාහිනී ඇතුළු ජනමාධ්‍යයන්හි ප්‍රවෘත්ති සමබර විය යුතු බවත් ජනතා විශ්වාසය ඇතිකරලීම වෙනුවෙන් ඔවුන් වගකීමෙන් කටයුතු කල යුතුව ඇති බවත් සමහර ප්‍රවෘත්තීන්හි කොටස් පමණක් විකාශනය කිරීම නොකල යුත්තක් බවත් නිවැරදි දේ ජනතාව අතර යා යුතු බවත් සභාපතිවරයා පැවැසීය.

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks