Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ප්‍රජාතන්ත්‍රවාදය දිවි මෙන් සුරකින්න - නිරීක්ෂණ සංවිධාන කියති

20 June, 2017

යෝජිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රමාදය සම්බන්ධයෙන් වන මාධ්‍යය සාකච්ඡාවක් අද කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වින.

පැෆ්රල්, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, කැෆේ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා, MFFE ආයතන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම මාධ්‍යය සාකච්ඡාවේදී ඔවුන් අවධාරණයකොට සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය දිවි මෙන් සුරකින්නෙමැයි සපථ කරන දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බවයි. 

එමෙන්ම මේ මේ මොහොතේ සැබෑ අවශ්‍යතාවය අද දිනයේ පළමු වරට විවාදයට ගන්නා ලද පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත කඩිනමින් සම්මත කිරීම සඳහා සියලු මන්ත්‍රීවරුන් ක්‍රියා කිරීම විනා මැතිවරණ කොමිෂන් සභාවට හෝ මැතිවරණ නිරීක්ෂකයන්ට බැන අඬ ගැසීම නොවන බවටයි ඔවුන් පෙන්වාදුන්නේ.

මැතිවරණ කල් දැමීම ගැන ‘මැතිවරණ කොමිසමට‘ හා මැතිවරණ නිරීක්ෂකයින්ට චෝදනා කොට ඵලක් නොමැති බවත්  මෙතෙක් මැතිවරණ කල් දැමීම ගැන සාධනීය විරෝධයක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් දක්වා නොමැති බවටත් ඔවුන් එහිදී පෙන්වාදුන්නේය. 

 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks