Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

දේශපාලන පක්ෂ නියෝජිතවරියන් වෙනුවෙන් තවත් වැඩමුලුවක් මාතරදී

14 August, 2017

පළාත් පාලන ඡන්දය සඳහා තරඟවැදීමට අපේක්ෂිත කාන්තාවන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුවක් පසුගිය 12 හා 12 දෙදින මාතර සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදී පැවැත්වින.

මෙම වැඩමුලුව සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නියෝජිතවරියන් සහභාගීව සිටියහ.

මෙම වැඩමුලුවේදී පළාත් පාලන ක්‍රමයේ විකාශය, වත්මන් පළාත් පාලන ආයතන ව්‍යුහය, සභික වගකීම හා පළාත් පාලන ආයතන කාර්යභාරය, ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීම, නව පළාත් පාලන මැතිවරණ පනත, කාන්තා දේශපාලනය සඳහා වන බාධාවන් සඳහා විසඳුම්‍, පිරිසිඳු දේශපාලන සඳහා කාන්තා දායකත්වය යන අංශ සම්බන්ධයෙන් එම නියෝජිතවරියන් දැනුවත් කෙරින.

වැඩමුලුව සඳහා සහභාගීවූ නියෝජිතවරියන් පක්ෂ භේදයකින් තොරව ඔවුන්ට මතුවන ගැටලුවලදී  සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් සංවිධානයක් පිහිටුවාගැනීම මෙහිදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් විය.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්, මොහොමඞ් හිටපු පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි ජයවර්ධන, පැෆ්රල් විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි, වැඩසටහන් අධ්‍යක්ෂක ශ්‍රීධරන් සභානායගම්,  ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් මහත්වරුන් හා ඩයකෝනියා ආයතනයේ සුමංගලී මහත්මිය සහභාගීවූහ.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks