Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණ දිගින් දිගටම කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් - විධායක අධ්‍යක්ෂ

22 August, 2017

දිගින් දිගටම පැවැත්වීමට නියමිත මැතිවරණ කල්දැමීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පලකරන බව පැෆ්රල් සංවිධානය පවසයි.

අද කොළඹ සාමාජය හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාර්තු 12 ව්‍යාපාරයේ මාධ්‍යය හමුවකට එක්වෙමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ පළාත් පාලන මැතිවරණයේ නියෝජිත අනුපාතය වෙනස් කිරීම සම්බන්ධයෙන්ද දේශපාලන පක්ෂ අතර සංවාදයක් ඇතිව තිබෙන බවයි.

එමෙන්ම දේශපාලන ක්‍රමයේ උන්නතිය වෙනුවෙන් සිදුකරන කටයුතු ප්‍රශංසනීය වුවද ඒ හරහා මැතිවරණ කල්දැමීම හරහා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය උදුරාගැනීමක් බවයි හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ.

තවද ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වාදුනේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම එළඹෙන 24 වන දින පැවැත්වීමට නියමිත බවත් එළඹෙන 6 වන දින එය සම්මතවීමට බොහෝදුරට ඉඩ ඇති බවත්ය.

එහෙත් සියලු දේශපාලන පක්ෂයන්ට එකඟතාවය පලකල නොහැකි සංශෝධන ඇතුළත් වුවහොත් මැතිවරණය නියත වශයෙන්ම කල්යාමේ අවධානමක් ඇති බවයි හෙට්ටිආරච්චි මහතා සඳහන්කොට සිටියේ.

හෙට්ටිආරච්චි මහතා එහිදී අවධාරණය කර සිටියේ ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරහරින ආකාරයේ ක්‍රියාදාමයන්ට එළඹීමට පාලකයින් කටයුතු නොකල යුතු බවයි. 

තවද කාන්තා නියෝජනය තහවුරු කිරීම වෙනුවෙන් වන සියයට 25 ක කෝටාවද සංශෝධනය කිරීමේ සූදානමක් ඇති බවට ඉඟි පලවෙමින් ඇති බවත් 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks