Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

අකුරැස්සේ ඡන්ද පත‍්‍රිකා අතුරුදන් කලේ ලිපි බෙදන්නාමයි

18 March, 2014

අකුරැස්ස විල්පිට ප‍්‍රදේශයේදී නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා 167ක් පමණ කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ ඔහු විල්පිට උප තැපැල් කාර්යාලයට අනියුක්තව සේවය කළ ලිපි බෙදා හරින්නෙකු බවයි. කෙසේවෙතත් දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ ලිපි බෙදා හරින්නාගේ මව මානසික රෝගයකින් පෙලෙන බවයි. පැහැරගත් බව කියන ඡන්ද පත‍්‍රිකා තොගය ඇය විසින් ගිනි තබා විනාශ කර ඇති බවයි ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ. ඉකුත් 06 වනදා පස්වරුවේ තිබ්බටුවාව ප‍්‍රදේශයේ පැවති මැතිවරණ ප‍්‍රචාරක රැලියකට සහභාගී වීම සඳහා මෙම ලිපි බෙදාහරින්නා නිවසින් බැහැරව ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී මානසික රෝගයකින් පෙළෙන බව කියන ඔහුගේ මව එම ඡන්ද පත‍්‍රිකා තොගයට ගිනි තබා ඇති බවයි දැනට සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙන්නේ. කෙසේවෙතක් සිය මව බේරා ගැනීහේ අරමුණින් ඔහු පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලබාදී ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 
ඒ, ඡන්ද පත‍්‍රිකා බෙදා හරිමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පිහියක් පෙන්වා ඡන්ද පත‍්‍රිකා තොගය පැහැරගත් බව පවසමින්. සැකකරුගෙන් තවදුරටත් ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලීසිය පැවසුවේ. 
මේ අතර පළාත් සභා ඡන්ද විමසීමට අදාලව තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීමට නොහැකි වු ඡන්දදායකයින් සඳහා මෙම මස 20 වැනිදා ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේ අදාල දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලවලදී සහ කොළඹ දිස්ත‍්‍රික්කය සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී ද ඒ සඳහා පහසුකම් ලබාදී ඇති බවයි. මෙම දිනය කිසිඳු අයුරකින් තවදුරටත් දීර්ඝ නොකරන බවද මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කළා. 
මේ අතර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂය ජනතාවට ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා අදහස් පළකළා. ඔහු කියා සිටියේ එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ජනතාව වෙනුවෙන් නොව පක්‍ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද්දක් බවයි.
 
 
සමිබන්ධකය මෙතැනින් - nethfm.com/site/%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A_%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF_%E0%B6%B4%E0%B6%AD%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F_%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A_%E0%B6%9A%E0%B6%BD%E0%B7%9A_%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92_%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%92-1--29812.html

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks