Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාට තර්ජනය කිරීම හෙළාදකිනවා

03 October, 2017

මහනුවර දිස්ති‍්‍රක් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතාට තර්ජනය කර රාජකාරියට බාධා කිරීම තරයේ හෙළා දකින බව පැෆ්රල් සංවිධානය පවසයි.

විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කරමින් සංවිධානය පෙන්වාදෙන්නේ යෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා ඡන්ද නාමලේඛන ප‍්‍රතිශෝධනයට අදාළ හිමිකම් පරීක්ෂණයක් සිදු කරමින් සිටින මොහොතක දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලයට කඩා වැදුනු ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු යැයි තමාව හඳුන්වා දුන් වරුණ ලියනගේ නැමැත්තෙකු නාමල් තලංගම මහතාගේ රාජකාරියට බාධා කරමින් ඔහුට තර්ජනය කර පහරදීමට උත්සාහ කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වහාම සිදුකල යුතු බවට පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

එමෙන්ම අමාත්‍යවරයෙකු වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද මෙම පුද්ගලයා සම්බන්යෙන් ගනු ලබන ක්‍රියාමාර්ග දෙස බලා සිටින බවයි පැෆ්රල් අවධාරණය කරන්නේ.

නාමල් තලංගම මහතා පසුගිය මැතිවරණ කිහිපයකදීම තම ජීවිතය ද නොසළකා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පෙනී සිටි නිලධාරියෙකු බවත් සිය නිවේදනය මගින් පැෆ්රල් සංවිධානය වැඩිදුරටත් පෙන්වාදී ඇත.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks