Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පිරිසිදු දේශපාලනයක් සඳහා වූ මන්ත්‍රී සාමූහිකයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

01 November, 2017

පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙසට අවධාරණය කරමින් මාර්තු 12 ව්‍යාපාරය හා සබැඳි පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය විසින් ඊයේ (31) දින ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබින.

එමගින් දක්වා ඇත්තේ ජනතාවට සමීප ප්‍රජාතන්ත්‍රවාදී පාලන කේන්ද්‍රය වන්නේ පළාත් පාලන ආයතන පද්ධතිය වෙනුවෙන් මැතිවරණය පැවැත්වීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් තමන් දැඩි අප්‍රසාවදයකින් පසුවන බවයි.

එමෙන්ම පළාත් පාලන ආයතන සක්‍රීයව නොපැවතීම තුළින් ජනතාව මහත් අගතියට පත්ව ඇති බවත් කොට්ඨාශ පදනම් කරගත්, ජනතාවට වගකියන -  ජනතා නියෝජිතයෙක් තම  ගමට ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේ මෙරටේ ජන්දදායකයන් බවත් එම ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩිදුරටත් දක්වා ඇත.



 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks