20 December, 2017
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හිටපු සභික ප්‍රමාණය දෙගුණයක් වී තිබෙන බවත් මෙම පිරිස කොට්ඨාශ මට්ටමින් තරඟ කිරීමේදී කිසිදු සීමාවකින් තොරව අසීමිත ලෙස වියදම් කලහොත් ඡන්දදායකයින් මිලදීගැනීම පවා සිදුවිය හැකි බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසූයේ ඊයේ මාධ්‍ය ආයතන නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදීය.
එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේ අතීතයේ සිටි දේශපාලනඥයින් දේශපාලනය හරහා සිය වත්කම් බෙදාහැරියත් වර්තමානය වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ව ඇති බවයි.
මේ වන විට බොහෝ දෙනා දේශපාලනයට එක්වන්නේ සිය පවුල්වල ආර්ථික අභිවෘද්ධිය සලසාගැනීම වෙනුවෙන් බවත් මෙම දේශපාලන සංස්කෘතිය අවසන් කරලීමට කාලය එළඹ ඇති බවත් ඒ මහතා පෙන්වාදුන්නේය.
අපේක්ෂකයෙකු වශයෙන් සිටියදී වියදම් කරන මුදල් හම්බකරගැනීමට ඔවුන් නියෝජිතයින් වශයෙන් පත්වූ විට පෙළඹෙන බවත් නීතිමය රාමුව ශක්තිමත්කොට එවැනි තත්ත්වයන් වැලැක්වීමට පියවර ගත යුතුව ඇති බවයි ඔහු තවදුරටත් පෙන්වාදුන්නේ.