Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්දය ඉල්ලුවට පන්සලේ පෝස්ටර් බෑ

20 March, 2014

ඡන්දය ඉල්ලුවට පන්සලේ පෝස්ටර් බෑ


Mahinda-deshapriyaභික්ෂුන්වහන්සේලා මෙවර පළාත් සභා මැතිවරණයේ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටියද ආගමික ස්ථානයන්හි පක්ෂ කාර්යාල පවත්වාගෙන යා නොහැකි අතර ‍පෝස්ටර්, කටවුට් ප්‍රදර්ශනය කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා බ්‍රහස්පතින්දා (
20) ප්‍රකාශ කළේය.

එහෙත් භික්ෂුන්වහන්සේනමක් ජනාධිපතිවරණයකදි අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුවහොත් විහාරස්ථානයන්හි ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කිරිමට අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳව සලකා බැලිමට සිදුවන බවද ඒ මහතා පැවසීය. පළාත් සභා ඡන්ද විමසිම් පනත යටතේ ‍පොදු ආගමික ස්ථාන ඡන්ද කාර්යාල ලෙස හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කරනා ස්ථාන ලෙස පවත්වාගෙන යා නොහැකි බව මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළ අතර ඒ අනුව පන්සල්,පල්ලි,කෝවිල් ආදි ‍පොදු ආගමික සිද්ධස්ථාන කිසිවක් මැතිවරණ කටයුතු සඳහා යොදා ගත නොහැක.
පන්සල ‍පොදු දේ‍පොලක් වුවත් හාමුදුරුවෝ ‍පොදු දේ‍පොලක් නොවන නිසා භික්ෂුන්වහන්සේලාට ඡන්ද ඉල්ලා සිටිමේ අයිතිය පවතින බවද මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය. භික්ෂුන් වහන්සේලාට හෝ ආගමික පුජකවරයෙකුට මැතිවරණ නීති ප්‍රකාරව ඡන්දය ඉල්ලා සිටිමේ අයිතිය පවතින නමුත් ආගමික ස්ථානයන්හි ප්‍රචාරක කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ද මැතිවරණ කොමසාරිස්වරයා වැඩි දරටත් ප්‍රකාශ කළේය. ආණ්ඩුව යම් පනතක් සම්මත කොට ආගමික ස්ථාන ද ඡන්ද ප්‍රචරක කටයුතු සඳහා යොදා ගත හැකි බවට නීතියක් ගෙනාවොත් තමන් ඊට ඉඩ දෙන බවද කීය. රාජගිරිය මැතිවරණ මහ‍ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදි කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.

සමිබන්ධිකරණය මෙතැනින් - www.lakbima.lk/index.php

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks