06 June, 2018
පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම වෙනුවෙන් වන සිවිල් සමාජ කමිටුව අද නිල වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමගින් සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම කමිටුවට මහාචාර්ය සුදන්ත ලියනගේ, ආචාර්ය සුජාතා ගමගේ, පී.එම් සිරිවර්ධන, එස්. මැදවැව, ලුවී ගනේෂනාදන්, කුමුදුනී සැමුවෙල්, රෝහණ හෙට්ටිආරච්චි හා මංජුල ගජනායක යන මහත්ම මහත්මීන් ඇතුළත්ය.
එම කමිටුවේ මූලිකත්වයෙන් වර්තමාන මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ වන සංවාදයක්ද පසුගියදා පැවැත්වුණු අතර ඉදිරි පළාත් සභා මැතිවරණ ක්‍රමය කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයට ලක්කෙරින.